Friday, September 26, 2014

පෙර දිනයක මා පෙම් කල යුවතිය



සුනිල් සරත් පෙරේරා විසින් සංගීතය  කරන ලද විශාරද අමරදේව ශුරින් ගයනා කරන මෙම ගීතය ගැන ඔබ කුමක් සිතනු ලබයිද?

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා ..//

බලන්න මෙම පද පේලිය දෙස බලන කල අපට කුමක් සිතේද?මෙහි පිටින් බලන දේට වැඩ වැඩි යමක් ගැඹුරින් පෙනෙනු ඇත.පිටින් බලු විට පෙනෙන්නේ ආදරයෙන් පරාජය උන පෙම්වතකු ගැනය , නමුත් මෙහි තියෙන්නේ ආදරයෙන් ජය ලබූ පෙමවතෙක් ය.

පසුයම් දිනක මා ආදරය කල යුවතිය පෙම්වතිය අද මවක වී තමාගේ සුරතල් කිරි කැටි  පුතුව නලවනවා සොදුරු මියුරු ගීතයක පදවැල් කීපයකින් .එය දෙසවනට ඇහෙන මාහට මගේ සොදුරු අතීතය සිහියට නැගෙන විට මාගේ  මතකයට නගේන්නේ ඇයත් සමග පෙම්බස් දොඩමින් ආදරය කරන කාලයේ ඈ සමග මුමුණපු ගීතයක පද පේලි කිහිපයක් ගැනය. බලන්න පදරචකයාගේ පද බැදුම.

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා ..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

අගේ නිල් මිනි වන් කාන්තිමත් දෙනෙත් තුලින් අනුරාගය වෙනුවට කිරිකැටි බිලිදා වෙනුවෙන් ආදරය කරුණා බරිත බව ඒ කාන්තිමත් දෙනෙත් තුලින් වැහෙන අපුරුව දැක මා හට සුන්දර අතීතය් මතක් විය.ම අය දෙස සිනා සී බලා සිටින විට ඈටද එය දැනී ඈටද එම අතීතය මතක් උනාදැයි සිතුනි මන්ද යත් ඈ ලජ්ජා බරිතව මදෙස බැලු බැවිණි.

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා ..//
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

හිරුට සදුට හොරෙන් කාලය සීග්‍රයෙන් ඈදී යනවිට අදහ ගන්න බැරි ආකාරයෙන් ඈගේ ලස්සන මකීයන ආකාරය මට සිත ගන්නවත් බෑ.ඒ තරම් සොදුරු ඇය දැන් වියපත් වී ඇත.

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පුදිනවා ..//
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

මට නැවත වරක් මගේ අතීතය මතක් වෙනවා ඉස්සර මා ඇය හමුවීමට කොතරම් සිවෙනවද , ඒ අප හමු උන නාමල් වැට එදා වගේම තවමත් මල් පුබුදුවමින් තිබෙන ආකාරය තවමත් සුන්දරයි.එතන තවත් රහසක් ඇත අප වගේම පෙම්වතුන් සිය දහස් දෙනා ඒ වැට අද්දර  තවමත් පෙම්සුව විදිමින් ඇති මට සිතේ.පද රචකයා "එදා වගේ තවමන් වැට අද්දර නාමල් පුදිනවා ..// " මින් එය අදහස් කරනු ඇතැයි මට සිතේ.

මේ ගැන ඔබ කුමක් සිතනු ලබයිද මෙහි මා දකින අර්ථය මෙයයි.වැරදි අඩුපාඩු ඈත සියල්ල සර්ව සම්පුර්ණ නැත.අවසානයේ මෙය දකින සැමගෙන් සමාව ආයාචනය කරනු ඇත
   

Thursday, December 12, 2013

දකුණු අප්‍රිකාවේ අභීත ජන නායක  නෙල්සන් රොලිහ්ලහලා මැන්ඩෙලා.. 









Ø  1918   ජුලි 18 උපත ඊස්ටන් කේප් නගරය.
Ø  1944   ඔලිවර් ටම්බෝ සමග එකතු වී දකුණු අපි‍්‍රකානු ජාතික කොන්ග්‍රස් සංගමයේ තරුණ සමිතියක් පිහිටුවා එහි සභාපති විය.
Ø  1947   දකුණු අපි‍්‍රකානු ජාතික සංගමයේ ලේකම් ධූරයට පත්වීම 
පළමු බිරිඳ එව්ලින් මේස් සමග විවාහ වීම.
Ø  1952   කළු සුදු වර්ණභේද වාදයත්, රටේ මුල් උරුමක්කරුවන් වන කළු ජාතිකයන් වහලුන්ගේ තත්වයට පත්කිරීමත් යන මේ නොමිනිස්කම්වලට විරෝධය පාමින් අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය පෙරට ඒමත් සමග විරෝධතාවලට මූලිකත්වය දුන් මැන්ඩෙලාට සිවිල් නීති කඩකිරීමේ චෝදනාවට අත්හිටවූ මාස නවයක සිරදඬුවම් දීමට බලධාරීහු තීරණය කළහ.
Ø  1956   රාජ්‍ය ද්‍රෝහී භාවට දෝෂාරෝපණ එල්ල වීම 
Ø  1958   පළමු බිරිඳ එව්ලින් මේස්ගෙන් දික්කසාද වීම 
Ø  1959   දී සුදු වර්ණභේදවාදී රජය විසින් අපි‍්‍රකාව තුළ කළු ජාතිකයන්ට ජනපද 10 ක් වෙන් කළේය. ඒ රටේ නිසරු මුඩුබිම් ලෙස සැළකණු භූමියන් තුළට ඔවුන් කොටු කළේය. ඉතිරි 87% සුදු වර්ණභේදවාදී රජය අයිතිකර ගත්හ. මේ අසාධාරණයට එරෙහිව සාමකාමී විරෝධයක් පවැත්විය. එම විරෝධතාවය සුදු ජාතිකයන් පාලනය කළේ කළු ජාතිකයන් 69 දෙනෙකු මරුමුවට පත්කරමින්ය. මේ කෲර ඝාතනය ඉතිහාසයේ සඳහන්වන්නේ සුප‍්‍රකට ෆැර්ප්විල් ඝාතනයනමිනි
Ø  1960   දකුණු අපි‍්‍රකානු ජාතික කොන්ග්‍රසය තහනමට ලක්වීම 
Ø  1962   ඩේවිට් මොට්සාමයි නමින් රටින් පැනීම 
Ø  1962   ජුලි නැවත රටට පැමිණීම 
Ø  1962   අගෝස්තු යළිත් වරක් මැන්ඩෙලා සිරදඬුවමකට අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔහුට චෝදනාව වූයේ අවසර නොමැතිව රටින් පිටවීමේ චෝදනාවය.
Ø  1964   අප්‍රේල් සමානාත්ම තාවය වෙනුවෙන් දිවි පිදුමට සුදානම් යනුවෙන් ඉතිහසික දේශනය සිදුකිරීම 
Ø  1964   පස් ඖරුදු සිර දඩුවමක් දී එය ජීවිතාන්තය දක්වා දීර්ඝ කිරීම.
Ø  1990   පෙබරවාරි 11 සුදු ජාතික නායකයකු වු ක්ලාර්ක් විසින් වර්ණභේද වාදය අවසන්කිරීමෙන්නිදහස ලබා දීම.
Ø  1993   නොබෙල් සම ත්‍යාගය ලැබීම.
Ø  1994   ප්‍රථම දකුණු අප්‍රිකානු  කළු ජාතික ජනාධිපතිවරයා වීම  වීම 
Ø  1999   නායකත්වයෙන් ඉල්ලා අස්වීම.
Ø  2004   ප්‍රසිද්ධ ජීවිතයෙන් සමුගැනීම 
Ø  2013   දෙසම්බර් ජීවිතයෙන් සමු ගැනීම 


මෙම ජනයාගේ හිත සුව පිණිස වැඩ කල ජනනායකය ගැන සුළු තොරතුරු පමණකි මේ...ඔයාල දන්න තොරතුරු කොමෙන්ට් කරන්න.....

Wednesday, December 11, 2013

විවාහය කියන්නේ කුමක්ද?
දෙදෙනෙකු අතරේ බැදීමක් පමණක්ම ද?
විවාහයට පෙර මේගැනත් සුලුමොහොතක් හිතල බලන්න..
  1. අපි දෙදෙනා  එකිනෙකා අඳුනනවද ?
  2. අපි එකිනෙකාගේ අශාවන් හඳුනාගෙන තියනවද ?
  3. අපි එකිනෙකා වෙනුවෙන් කැපවෙන්න පුලුවන්ද ?
  4. අපට කාටවත් බරක් නොවී අපිට ජීවත් වෙන්න හැකියාවක් තියනවද ?
  5. අපි අප දෙදෙනා වෙනුවෙන් ඉවසනවද ?
  6. අප දෙදෙනා වෙනුවෙන් කාලය වෙන්කල හැකිද ?
  7. ඔහු ඇයටද ඇය ඔහුටද  එකිනෙකාට විවෘත ද?
  8. අපිට අපේ හැඟීම් විවෘතව කියන්න පුලුවන්ද?
  9. අපිට ජිවිතය බෙදාගන්න පුලුවන්ද ?
  10. අනෙකාගේ අශාවන් උදෙසා අපිට කැපකිරීම් කරන්න පුලුවන්ද?
මොහොතක් සිතන්න ....මේගැන අපට කිසිම තැනකින් දැනගන්න ඉගැන්වීමක් ලැබෙන්නේ නැත...මෙයට මුලික වන්නේ අපගේ සිත හා සිතුවිලි පමණි ...හැම සිතුවිල්ලකටම මෙයට අදාල වන්නේද නැත...
ජීවිතය විදවන්න එපා...අපට ලැබුන ජීවිතය විදිමු.....
ටිකක් හිතල බලන්න..........


ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .

6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම        ඇයට සතුටක්.

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට 
      හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .

11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න                  ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප          කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන්          දෙසට යන්න දෙන්න එපා.

ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය               සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට                    කියන්න එපා.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක්             නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත්        ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
    ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට          කැමති බව ඔවුන් දන්නවා

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න.       ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන          විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
       ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි

31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය              කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
      ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට                ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස්          මුමුණන්න.

39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව                                      සිපගන්න........................

(ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි කතෘ අවිනිශ්චිතය ......)