Friday, September 26, 2014
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සුනිල් සරත් පෙරේරා විසින් සංගීතය කරන ලද විශාරද අමරදේව ශුරින් ගයනා කරන මෙම ගීතය ගැන ඔබ කුමක් සිතනු ලබයිද?
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා ..//
බලන්න මෙම පද පේලිය දෙස බලන කල අපට කුමක් සිතේද?මෙහි පිටින් බලන දේට වැඩ වැඩි යමක් ගැඹුරින් පෙනෙනු ඇත.පිටින් බලු විට පෙනෙන්නේ ආදරයෙන් පරාජය උන පෙම්වතකු ගැනය , නමුත් මෙහි තියෙන්නේ ආදරයෙන් ජය ලබූ පෙමවතෙක් ය.
පසුයම් දිනක මා ආදරය කල යුවතිය පෙම්වතිය අද මවක වී තමාගේ සුරතල් කිරි කැටි පුතුව නලවනවා සොදුරු මියුරු ගීතයක පදවැල් කීපයකින් .එය දෙසවනට ඇහෙන මාහට මගේ සොදුරු අතීතය සිහියට නැගෙන විට මාගේ මතකයට නගේන්නේ ඇයත් සමග පෙම්බස් දොඩමින් ආදරය කරන කාලයේ ඈ සමග මුමුණපු ගීතයක පද පේලි කිහිපයක් ගැනය. බලන්න පදරචකයාගේ පද බැදුම.
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා ..//
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
අගේ නිල් මිනි වන් කාන්තිමත් දෙනෙත් තුලින් අනුරාගය වෙනුවට කිරිකැටි බිලිදා වෙනුවෙන් ආදරය කරුණා බරිත බව ඒ කාන්තිමත් දෙනෙත් තුලින් වැහෙන අපුරුව දැක මා හට සුන්දර අතීතය් මතක් විය.ම අය දෙස සිනා සී බලා සිටින විට ඈටද එය දැනී ඈටද එම අතීතය මතක් උනාදැයි සිතුනි මන්ද යත් ඈ ලජ්ජා බරිතව මදෙස බැලු බැවිණි.
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා ..//
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා
හිරුට සදුට හොරෙන් කාලය සීග්‍රයෙන් ඈදී යනවිට අදහ ගන්න බැරි ආකාරයෙන් ඈගේ ලස්සන මකීයන ආකාරය මට සිත ගන්නවත් බෑ.ඒ තරම් සොදුරු ඇය දැන් වියපත් වී ඇත.
එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පුදිනවා ..//
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා
මට නැවත වරක් මගේ අතීතය මතක් වෙනවා ඉස්සර මා ඇය හමුවීමට කොතරම් සිවෙනවද , ඒ අප හමු උන නාමල් වැට එදා වගේම තවමත් මල් පුබුදුවමින් තිබෙන ආකාරය තවමත් සුන්දරයි.එතන තවත් රහසක් ඇත අප වගේම පෙම්වතුන් සිය දහස් දෙනා ඒ වැට අද්දර තවමත් පෙම්සුව විදිමින් ඇති මට සිතේ.පද රචකයා "එදා වගේ තවමන් වැට අද්දර නාමල් පුදිනවා ..// " මින් එය අදහස් කරනු ඇතැයි මට සිතේ.
මේ ගැන ඔබ කුමක් සිතනු ලබයිද මෙහි මා දකින අර්ථය මෙයයි.වැරදි අඩුපාඩු ඈත සියල්ල සර්ව සම්පුර්ණ නැත.අවසානයේ මෙය දකින සැමගෙන් සමාව ආයාචනය කරනු ඇත
Subscribe to:
Posts (Atom)
